Real Story of Mars Pyramids
Real
Story of Mars Pyramids (Article)
නාසා ආයතනය විසින් අගහරු ගවේෂණය සදහා
යවනු ලැබූ රෝවරය විසින් අගහරු මත තිබූ පිරමීඩ හැඩැති ගොඩනැගිල්ලක් නිරීක්ෂණය කර
ඇත. එහිදී පිරමීඩ 5ක් සොයා ගත හැකි වී ඇති
අතර ඒවා අප්‍රිකාවේ ගීසා පිරමීඩ 5 පිහිටා ඇති ආකාරයටම පිහිටා තිබීම විශේෂයකි.
මෙම
සිදුවීමට අපේ ශ්‍රී ලංකාවේ සම්බන්දයක් ඇති බව ඔබ දන්නවද?
ගීසා
පිරමීඩ ඉදි කර ඇත්තේ ක්‍රිස්තු පූර්ව 5000-4000 කාලයේදීය. එම කාලයේ මැද අවදියේ දී
ලංකාව පාලනය කළේ රාවනා රජුය. පිරමීඩ ඉතිහාසයේ සදහන් ආකාරයට පිරමීඩ
ඉදි කිරීමට අනුග්‍රහය ලබා දී ඇත්තේ සිංහ මිනිසුන්ය. එනම් ශ්‍රී ලාංකිකයන්ය.
මෙහිදී
විශේෂයෙන් සදහන් කළ යුත්තේ සිංහල ජාතිය යනු ඉන්දියාවේ වංග රජු සිංහබාහුගේ පරම්පරාව
නොවන
බවය. සිංහබාහුගේ පුත් විජය සහ කුවේණිට සිටි දරුවන්
දෙදෙනාගෙන් වර්තමාන වැදි ජනතාව පැවතගෙන එනු ලබයි. විජයගේ දෙවෙනි විවාහයෙන් ඔහුට දරුවන්
නොසිටි බැවින් විජයගේ පරම්පරාව එතෙකින් සමාප්ත විය.
අතීත මූලශ්‍ර වල රාවනාගේ අගහරු ආක්‍රමණයක්
ගැන සදහන් වේ.
ක්‍රිස්තු
පූර්ව 5000 දී අගහරු මත ශිෂඨාචාරයක් පැවති බවට අතීතයේ බොහෝ තැන් වල සදහන් වේ. ආක්‍රමණයේ දී රාවනා අගහරු මත ගොඩනැගිලි
කිහිපයක් හා ඵලක කිහිපයක් තම අගහරු ජයග්‍රහණය සිහි වීමට ඉදි කළ බව සදහන් වේ.
එම
ගොඩනැගිලි මෙම පිරමීඩ 5 විය නොහැකිද?
එමෙන්ම
රාමා යනු අගහරු ජීවියෙක් බව ඔබ විශ්වාස කරනවාද? තම පරාජය නොඉවසූ අගහරු ජීවීන් රාමා
පෘථිවියට එවනු ලැබුවේ රාවනා විනශ කර දැමීමටය. ඔවුන්ට ඉන්දියාවේ අයෝධ්‍යාවේ රජ දශරත
රජුගේ සහය ලැබී ඇත.
මෙම ලිපිය කියවන ඔබ මෙය හුදෙක් මිත්‍යාවක්
ලෙස සැලකිය හැකිය. නමුත් ඉතිහාසයේ යුධ, නාවික, ගුවන් හා න්‍යෂ්ටික බලය සහිත දියුණු
ශිෂ්ඨාචාර දෙකක් ගැන සදහන් වේ. පළමු ශිෂ්ඨාචාරය නම් අපි කවුරුත් දන්න
ඇට්ලැන්ටිස් ය. නමුත් ඇට්ලැන්ටිස් ලා තම තාක්ෂණය සමගම මුහුදු බත් වූ බව ඔබ දන්නා
කරුනකි. දෙවෙනි ශිෂ්ඨාචරය නම් රාවනා ශිෂ්ඨාචාරය යි.
රාම
රාවන යුද්දයේ දී රාවනා සිහි සුන් වූ අතර රාවනාට හිතවත් පිරිසක් ඔහුව
පිදුරුතලාගල කන්ද යට උමගක සගවා තැබීය. ඒත් සමගම රාවනා ශිෂ්ඨාචාරය අවසන් විය.
නමුත්
රාමා මිය ගිය පසු ලංකාවේ සිටි රාවනාට හිතවත් පිරිසක් විසින් සගවා තිබූ න්‍යෂ්ටික
අවියකින් අගහරු වෙත පහර දී තිබූ අතර අදටත් එම අවිය වැටුන ආවාටය දක්නට ලැබේ.
එය
අගහරු ශිෂ්ඨචාරයේ අවසානය විය.
බටහිර ජාතින් පෙරදිගට පැමිණීමෙන් පසු
අපගේ ඉතිහාසය වෙනස් කර නිර්මාණාත්මක ඉතිහාසයක් අපට ලබා දී නැවත ගියහ. එනිසා ඇට්ලැන්ටිස්,
රාවනා,
අගහරු
වැනි ශිෂ්ඨාචාර කෙටි කලකට සැගවුන නමුත් අද ඔවුන්ගේම ක්‍රියා නිසා එම ශිෂ්ඨාචාර
නැවත මතුවෙමින් පවතී. අගහරු පිරමීඩ එයට කදිම නිදසුනකි.
ඔවුන්
නැවත එය වලලා දැමීමට පෙර අප අවදි වී ඒවා නැවත ගොඩ ගත යුතුය.
ඉතින්
අභ්‍යවකාශය තරණය කිරීමට පවා හැකි ජාතියක් වන අප තවත් නිකන් බලා සිටිනවාද?
Comments
Post a Comment