The second sun by Thanuka Hitz

නාසා ආයතනය සගවන දෙවනි සූර්යයා (The second sun what NASA blind from us)

පසුගිය 2010 වසරේදී බුධ සංක්‍රාන්තියක් සිදුවූ බව ඔබට මතකද? එහි සජීවී වීඩියෝ ගත කිරීම්හි යෙදී සිටි විද්වතුන්ට අප සූර්යයා ට පසෙකින් තවත් විශාල ග්‍රහලෝකයක් වැනි යමක චායාවක් ඉතා පැහැදිලිව දිස් විය. එහි ගමන් මග වැනි දේවල් සොයා බැලීමේදී පෙනී ගියේ එය අප සූර්යයා වටා පරිභ්‍රමනය වන බවයි. නමුත් සැවොම මවිත කරමින් එය දර්ශනය වී විනාඩි කීපයකට පසු එය අතුරුදන් විය. එහිදී පෝල්ක් අඩවියේ නිවේදක පවසා සිටියේ එය නාසා ආයතනය අපෙන් වසන් කරන දෙවනි සූර්යයා බවයි.

බැලූ බැල්මට මිත්‍යාවක් ලෙස හැගුනද ලොව බොහෝ දෙසින් ගනු ලැබූ අහඹු චායාරූප වල අපගේ සූර්යයාට පසෙකින් තවත් ආලෝක ප්‍රභවයක් දිස් වී ඇත. එසේම විශ්වයේ පවතින බහු තාරකා පද්ධති ගැන ඔබ දන්නවාද? එනම් තාරකා (සූර්යයන්) 2ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් එකම ලම්බක පථයක ගමන් කිරීමයි. එයට හොදම නිදසුන ලෙස අපට ආසන්නම තාරකා පද්ධතිය ඇල්ෆා සෙන්ටෝරි (Alpha Sentouary) හා ආලෝක වර්ෂ 5000 ඈතින් පිහිටි කෙප්ලෙර් 47 (Kepler 47) තාරකා පද්ධති දැක්විය හැක. එනම ඒවාට සූර්යයන් 2නෙක් ඇත.

එසේ නම් අපට ද දෙවන සූර්යයෙක් සිටිය නොහැකිද? තවත් විද්‍යාඥයන් පිරිසක් සිදු කල පරීක්ෂන වලදී වසර ගනනාවකට වරක් අප සෞරග්‍රහ මණ්ඩලය හරහා යන යම්කිසි වස්තුවක් හදුනා ගෙන ඇත. එය ආසන්න වශයෙන් වසර මිලියන 27 වරක් සෞරග්‍රහ මණ්ඩලය හරහා යන බවද සොයා ගෙන ඇත. මෙයද එක්තරා විදියක බහු තාරකා පද්ධති ආකෘතියකට ගැලපේ. එනම පද්ධතියේ උප තාරකාව පරිභ්‍රමනය වන්නේ ප්‍රධාන තාරකාවට ඉතා දුරිනි.

අප සූර්යයා වටා යනබව පැවසෙන මෙම තාරකාව නිමිසෙස් රතු වාමන තරුව ලෙසද හදුන්වයි. (මෙය සංකල්පයක් පමණි) කෙසේ වෙතත් පාෂාණ තාරකා විද්වතුන් පිරිසක් 19847 දී සිදුකල පරීක්ෂණ මාලාවක ප්‍රථිඵල ලෙස වසර මිලියන 27 කට වරක් පෘථිවිය මත මහා සමූල විනාශයක් සිදුව ඇතිබව ස්ථීරවම සොයාගෙන ඇත. එය සිදු වී ඇත්තේ පෘථිවියට බාහිරින් එල්ල වන යම්කිසි ප්‍රබල ගුරුත්වයක් නිසා බවද සොයාගෙන ඇත. එසේ නම් එය සිදු වන්නේ වසර මිලියන 27 කට වරක් අප සෞරග්‍රහ මණ්ඩලය හරහා යන දෙවන සූර්යයාගේ බලපෑම නිසාද? ඔවුන් පවසන ආකාරයට මෙම විනාශයට පෘථිවිය තුන් වරක් මුහුනපා ඇත. අප කවුරුත් දන්නා ඩයිනෝසරයන් තුරන් වූයේ එය තුන් වන වරට සිදුවන කාල වකවානුවේදීය.

දැන් දෙවන සූර්යයාගේ පැවතීම සත්‍ය වියහැකි බව ඔබට වැටහෙනු ඇත. ඩයිනෝසරයන් වදවූයේ මෙය තෙවන වරට සිදු වූ අවස්ථාවේ නම් එය පලමු හා දෙවන වරට සිදු වූ අවස්තා වලදී ඇතැම් විට මීට වසර ගනනාවකට සිටිය බව පැවසෙන බුද්ධිමත් ජීවින්ගේ විනාශයට හෝ පලා යාමට හේතුව විය නොහැකිද? මෑතකදී පේරු රාජ්‍යයෙන් සොයාගත් අද්භූත ඇටසැකිල්ල එම ජීවියෙකුගේද?

කෙසේ නමුත් ඔබට බිය වීමට අව්ශ්‍යතාවක් නැත. මන්ද එම දෙවන සූර්යයා ගේ පුනරාගමනයට තව වසර ගනනාවක් ගතවනු ඇත. සියලු කරුණු මත දෙවන සූර්යයෙක් සිටින බව බැහැර කල නොහැක. නමුත් මීට වඩා කරුනු නාසා ආයතනය සතු වූවත් ඔවුන් එය සගවන්නේ මන්ද? ඔබේ අදහස් කමෙන්ට් කරන්න. හැමෝටම ෂෙයා කරන්න අමතක කරන්න එපා.

Source_ Nodutu Lokaya Youtube Channel

Comments

Popular Posts