Exklim ex core by Thanuka Hitz

Exklim ex core යනු බාහිර ග්‍රැෆික් ප්‍රොසෙසරයකි. වෙළදපලෙහි ඇති අනෙක් එවා මෙන් විශාල නැති ඉතා හුරුබුහුටි ප්‍රොසෙසරයක් නිසා භාවිතය ඉතාම පහසුය. මෙම උපාංගය තුල 4GB GTX 1050 ග්‍රැෆික් ප්‍රොසෙසරයක් රදවා ඇත. එනම් වර්තමාන පරිගණක ලොකයේ ඇති AAA කාණ්ඩයේ ක්‍රීඩා පහසුවෙන් ධාවනය කිරීමට මෙයට හැකිය.




ඔබගේ පරිගණකයේ Thunderbold 3 ද්වාරය හරහා මෙය සම්බන්ද කල හැකිය. Windows 10, macOS High Sierra සදහාද කිසිදු මෘදුකාංග ස්ථාපනයෙන් තොරව අමතර ඩ්‍රයිවරයන් පිහිටුවීමෙන් තොරව ක්‍රියාත්මක වනු ඇත. අමතර බල සැපයුමක් නැතිව පරිගණකයේ බලයෙන් ක්‍රියාත්මක වෙ. නමුත් ලැප්ටොප් වල දී මෙය භාවිතයෙන් බැටරිය ඉක්මනින් අඩු වෙ. එමෙන්ම උෂ්ණත්ව පාලනයද ස්වංක්‍රීයව ඉටු කරගන්නා නිසා ක්‍රීඩා ලොලියන්ට මෙය වටිනා උපාංගයකි. නමුත් ඔබට මෙය වාණිජ වශයෙන් වෙළදපොලට හදුන්වා දෙන තුරු බලා හිදීමට සිදු වනු ඇත.

Comments